සයිටම් ආයතනයේ ඉගෙනුම ලබනා ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගන්නා ලෙසට හෙට (03දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශ දෙකක් භාරදෙන බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය සඳහන් කරයි.
මුලින් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගන්නා ලෙසට ඉල්ලා සිටීමට සැලසුම් කළ බවත්, එහෙත් රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය ඇතුළුව සංවිධාන කිහිපයක ඉල්ලීම මත එය වෙනස් කළ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා සුදුසුකම් සහිත දරුවන් සියලුම දෙනා වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍යපීඨ දෙමාපිය සංසදය සමග මෙම සංදේශ භාරදීම සිදුකරන බවද කියා සිටියේය.