සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (09දා) දින 50 ක් ගත වී ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මෙයට සමගාමීව හෙට (10දා) කොළඹ නගරය තුළදී විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, ශිෂ්‍යයන්ගේ දෙමාපියන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ වෛද්‍ය සංගම් සහභාගි වන පාගමනක් පවත්වනබවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙසට බල කරමින් මුළු රටම පෙළගැසී සිටියදීත් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සයිටම් රැකගැනීම සඳහා මහජන මුදල් වියදම් කරමින් සංදර්ශන පවත්වමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
කුමන සංදර්ශනයක් ඉදිරිපත් කළද සයිටම් අහෝසි කරනතුරු ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව අරගල කරන බවද හෙතෙම සඳහන් කළේය.
විරෝධතා පා ගමන අවසානයේදී කොළඹ නගරය තුළ දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.