සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකරන දින 05 පාගමන හෙට (31දා) උදේ 10.00 පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
පාගමනේ පළමු දින අවසානය මාවනැල්ල නගරයෙනුත්, දෙවැනි දින අවසානය නෙළුමදෙණිය ප්‍රදේශයෙනුත්, තුන්වැනි දින අවසානය නිට්ටඹුව නගරයෙනුත්, හතර වැනි දින අවසානය කඩවත නගරයෙනුත්, පස්වැනි දින අවසානය කොළඹ නගරයෙනුත් සිදුකරන බවද එම සංගමයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
පෙළපාළියේ අවසාන දිනයේදී කොළඹ නගරය තුළදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව, භික්ෂු අන්තරය හා දෙමව්පිය සංගම්, වෘත්තීය සංගම් මෙම පාගමන පවත්වන බවද වැඩබලන කැඳවුම්කරු වැඩිදුරටත් පැවසීය.