21.40 PM සරසවි සිසුන්ට ඇප
ලිප්ටන් වටරවුමේදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 13 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
19.00 PM සරසවි සිසුන් 12ක් හා සිසුවියක් අත්අඩංගුවට
නීතිවිරෝධී අයුරින් ලිප්ටන් වටරවුම ආසන්නයේදී අධිකරණ නියෝග කඩ කළ සරසවි සිසුන් 12 දෙනෙකු හා එක් සිසුවියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔවුහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
17.00 PM සයිටම් විරෝධී නොනිදන අරගලයට ජල ප්‍රහාරයක්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැත්වූ නොනිදන අරගලය විරෝධතාවට කොළඹ පුරහල ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් එල්ල කළේය. විරෝධතාවය හේතුවෙන් පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතුණි.