සයිටම් විරෝධී වෛද්‍යවරුන් පා ගමනක
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් අද (21දා) ගාල්ල නගරයේදී විරෝධතා රැලියක් පැවැත්වූහ.
ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨය අසල සිට ගාල්ල නගරය දක්වා පාගමනින් පැමිණි ඔවුහු ගාල්ල නගරයේදී විරෝධතා රැලිය පැවැත්වූ අතර, මේ හේතුවෙන් ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.
මෙම විරෝධතා පෙළපාලියට ගාල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලීන් හේවගේ, ක්‍රිශාන්ත පුෂ්ප කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මීට අමතරව සයිටම් ආයතනයට විරෝධය පළකරමින් අද (21දා) උදෑසන සිට ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය වැඩවර්ජනයක් ආරම්භ කර තිබූ අතර, ඒ හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
