සයිටම් තීන්දුව හරවන්න රාජිත සැරසෙනවා - GMOA
සයිටම් අහෝසි කිරීමේ රජයේ තීන්දුව කුමන්ත්රණකාරී ලෙස වෙනස් කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සෞඛ්‍ය ඇමතිවරයා තනතුරින් ඉවත් කර සයිටම් අහෝසි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සයිටම් අහෝසි කිරීමට රජය තීන්දුවක් ගත්තත් සයිටම් සම්බන්ධයෙන් අධිකරණවල පවතින නඩු ක්‍රියාමාර්ගවලට එම තීන්දුව නීතිපති දෙපාර්තමේන්තුව හරහා දැන්විය යුතු බවද පවසා සිටියේය.
එසේ නොමැති වුවහොත් රජයේ තීන්දු තීරණ අධිකරණවලට වාර්තා නොවන බවද ලේකම්වරයා කියා සිටියේය. අදාළ කටයුත්ත සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්ව සිදු කළ යුතු වුවත් එහෙත් සෞඛ්‍ය ඇමතිවරයා තවමත් එවැනි උත්සාහයක් නොගන්නා බවද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

