සයිටම් ගැටලුවට ජනපති කොමිසමක් ඉල්ලයි
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ ආකාරයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී හා සයිටම් ආයතනය පවත්වා ගෙන යාම පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
බැඳුම්කර ගනුදෙනුවට දේශපාලනඥයන් සම්බන්ධ වූ ආකාරය හා සිදුවූ මූල්‍ය වංචාවන් පිළිබඳව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හරහා තොරතුර හෙළිවෙමින් තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී හා සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහාත් දේශපාලනඥයන් ගණනාවක් මැදිහත් වී සිටින බවත්, මේ ආකාරයට පෙනී සිටීම පිළිබඳව හා පවරා ගැනීමේදී සිදුව තිබෙන මූල්‍ය ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවද ඒ මහතා අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

