සයිටම් අහෝසි කරන්න - වෛද්‍ය පීඨ සිසු දෙමාපිය සංගමය
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ලබාදුන් විසදුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඉල්ලා සිටියි.එම සංගමය හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර අද (03දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ඔවුන් මෙම ඉල්ලීම් කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් සම්මත කර ඉදිරිපත් කර ඇති වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වූ අවම ප්රමිතීන්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීළග නඩු වාරයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විධිමත් අනුමැතිය සහිතව ගැසට් කිරීම, නොපමාව සයිටම් ආයතනය අහෝසි කර අලුතින් වෛද්‍ය සිසුන් ඇතුළත් කිරීම ස්ථීර වශයෙන් නතර කිරීම, පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම හා ගැසට් නිවේදනය විධිමත්ව නිකුත්කිරීම යන යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියේය.
රජයේ වෛද්‍ය පීඨ ශිෂය දෙමාපිය සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා සමග ද සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයා විසින් අවස්ථාවක් ලබාදුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


