සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය විසින් ආරම්භ කළ අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයට හෙට (09දා) දිනට දින 50ක් ගතවී තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
මෙයට සමගාමීව මේ මස 10 වැනිදා විශ්වවිද්‍යාල හා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, ශිෂ්‍යයන්ගේ දෙමවුපියන්, වෛද්‍ය සංගම්, වෘත්තීය සංගම් හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරය තුළ දැවැන්ත විරෝධතා පාගමනක් හා රැලියක් පැවැත්වීමට කටයුතු කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.
මෙම රැලියේදී හා පාගමනේදී සයිටම් අහෝසි කිරීමට රටේ තිබෙන බලය පෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.