සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබඳ තීරණය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල අත්හිටුවීමට ඒ පිළිබඳ නැවත සලකා බැලීමට පත්කරන ලද කැබිනට් අනුකමිටුව විසින් අද (16දා) තීරණය කළ බව සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබඳ තීරණය කිරීම සඳහා සිදුකරන ලද සමීක්ෂණයේ දත්ත පරිගණකයට ඇතුළත් කිරීමේදී සිදුව ඇති බරපතළ දෝෂ හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසූ ඇමතිවරයා එම සමීක්ෂණයේ සියලු දත්ත ඉදිරි කාලය තුළ නැවත පරීක්ෂා කර බැලීම අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදුකරන බවද අද (16දා) අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
මේ අනුව සමෘද්ධි සහනාධාරය ලබන කිසිදු සමෘද්ධි ලාභියෙකුගේ ආධාර මුදල්වල වෙනසක් ඉදිරි කාලය තුළ සිදුනොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ස්ථිර කළේය.