නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත අමාත්‍යාංශයේ විෂයයන් පැවරීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව සිය අමාත්‍යාංශය යටතට පැවරී ඇති ශ්‍රී ලංකා මුදුණ ආයතනයට අදාළ සියලුම කටයුතු, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අදාළව රැකියා වෙළෙඳ පොළට උචිත වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් වන කටයුතු, විදේශසේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී පිටරට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පුහුණු අවස්ථා ලබාදීමට අදාළ කටයුතුරංගේබණ්ඩාරඅමාත්යවරයාටපැවරෙයි.