කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ සබරගමුව සංවර්ධන කාර්යාලය හෙට(26දා) දිනයේ පෙරවරු 9.30 ට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
නො.502/2 බී,කොළඹ පාර ,වෙරළුප රත්නපුර යන ස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම කාර්යාලය මඟින් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කෙරේ.