සබරගමුව හයවැනි පළාත් සභාවේ නිලකාලය හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් වෙයි. එම සභාවේ අවසන් මාසික රැස්වීම හෙට (26දා) පෙරවරු 10.00ට රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
සබරගමුව හයවැනි පළාත් සභාව සඳහා වූ මැතිවරණය 2012 සැප්තැම්බර් 08 වැනිදා පැවැත්විණි. සබරගමු පළාත් සභාවේ මුළු මන්ත්‍රී ආසන ප්‍රමාණය 44කි. එම මැතිවරණයෙන් බෝනස් මන්ත්‍රී ආසන දෙකත් සමග මන්ත්‍රී ආසන 28ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 14ක් හිමිවිය. ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන දෙකක් හිමිවිය.
වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සබරගමු පළාතේ බලය පිහිටු වූ අතර, මහ ඇමතිවරයා ලෙස මහීපාල හේරත් මහතා 2012 සැප්තැම්බර් 26 වැනිදා නව තනතුරේ වැඩ බාරගනු ලැබීය.
අජිත්ලාල් ශාන්තඋදය