සපුගස්කන්ද තෙල් පිරිපහදු ම්‍යස්ථානයේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් තම ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත තරුණ පිරිසට බලවත් අසාධාරණයක් වන බව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්රිත පොදුජන එකමුතු සංවිධානය පැවසීය.
පැන නැගී ඇති ගැටලු තත්ත්වයන් පිළිබඳ විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්රිත පොදුජන එකමුතුව විසින් ඊයේ(09දා) බියගමදී සංවිධානය කර තිබිණි.
බියගම ප්‍රදේශයේ ජනතාව විසින් සපුගස්කන්ද තෙල් පිරිපහදු ම්‍යස්ථානය රැකගැනීම වෙනුවෙන් විවිධ අවස්ථාවලදී දැක්වූ කැපකිරීම් නොසලකා හරිමින් ඇති බවද ඔවුහු චෝදනා කළහ.
එමෙන්ම බියගම ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ප්රශ්නය පිළිබඳ මෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ලබාදෙන අයථා පත්වීම් හා වත්මන් ක්‍රියාකලාපය පිළිබඳවද වහා අවධානය යොමුකරන්නැයි එම සංවිධානය ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සපුගස්කන්ද තෙල්පිරිපහදුව ආශ්රිත පොදු ජන එකමුතුවේ සභාපති රවි කුරේ මහතා පැවසුවේ පසුගිය රජය විසින් සිදුකරනු ලැබූ විවිධ දූෂණ මඟහරවාගැනීම් සහ අයථා බඳවාගැනීම් පිළිබඳ කලකිරී වත්මන් රජය බලයට පත්කිරීමට බියගම ජනතාව විශාල කැපකිරීමක් සිදු කළද, යහපාලන රජය බලයට පත්වීමෙන් පසු තෙල් පිරිපහදු මධ්‍යස්ථානය තුළ බියගම ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා උදාවේය යන බලාපොරොත්තුව බිඳදමා ඛනිජ තෙල් ඇමතිවරයා සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ සභාපතිවරයා අතර ඥාති සම්බන්ධතා පවත්වාගනිමින් වෙනත් ප්‍රදේශවලින් මෙම තෙල් පිරිපහදුව වෙත රැකියා සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.