සන්ධානයේ වැරැද්ද ජනපති නිවැරදි කරයි
- 23 08 2015
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සාම්පූර් ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 234 ක් නැවත ඔවුන්ගේ මුල් ගම්බිම්වල පදිංචි කරමින් ඔවුන් වෙත නීත්‍යානුකූල ඉඩම් ඔප්පු පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ සිදු විය.
යුද්ධයෙන් පසු එවකට පැවති රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ආයෝජන මණ්ඩලයට පවරා දී තිබු අක්කර 818 ක් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු නැවත රජයට පවරාගෙන මෙලෙස එහි මුල් අයිතිකරුවන් වෙත ලබාදීම සිදු කෙරිනි.
මෙයට සමගාමීව ජනපතිවරයා ඊයේ කින්නියා ප්‍රදේශයේ විශේෂ සංචාරයකටද එක්විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, ඩී.එම්. ස්වාමිනාදන්, ආර්. සම්බන්ධන් යන මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

