එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්තිය මේ මස 26 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී එළිදක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
තුන් කල් දැක්ම නමින් එළිදක්වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි දශකය තුළ රට තුළ සිදුකරන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ඇතුළත් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 2005 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්තිය සහ 2010 වසරේදී ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ඉදිරියේදී සිදුකරන බවට සඳහන් කර තිබෙනා කරුණුද ඇතුළත් කර තිබෙන බවද එම පක්ෂය පෙන්වාදෙයි. මීට අමතරව රාජ්‍ය සේවකයාගේ සිට කම්කරුවා දක්වා සියලුමදෙනාට ප්රතිලාභ ලබාදෙන ආකාරයේ වැඩපිළිවෙළක් ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ, මැතිවරණ ක්‍රමය තුළ සිදුවිය යුතු වෙනස්කම්ද ඇතුළත් බවද එම පක්ෂය සඳහන් කරයි.