සහල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් සතොස ලොරි යොදා සහල් අලෙවි කිරීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගෙන මෙහි පළමු අදියර ක්‍රියාත්මක කරන අතර, මරදාන, බම්බලපිටිය, කැලණිය, රාගම යන දුම්රිය ස්ථානවල මෙසේ සතොස ලොරි මගින් සහන මිලට සහල් අලෙවි කෙරේ.
ඒ අනුව සුදු කැකුළු කිලෝග්‍රෑම් එකක් රු. 64 කටද, සම්බා කිලෝග්‍රෑම් එකක් රු.76 කටද මෙහිදී ලබාගත හැක.