පසුගිය බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පැවැසූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා දැඩි ප්‍රහාරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රකාශය සත්‍ය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාප නායකයා වෙනුවෙන් සම්පූර්ණ සහාය පල කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පැවසූ වචන ඉදිරි සති කිහිපයේදී ඔහුගේ ක්‍රියාවන් සමග ප්‍රායෝගිකව සමපාත වියයුතු බව පමණක් බව තමන් පැවැසූ බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
එසේම ඔහු පවසන්නේ පක්ෂයේ සමගිය හා විනය රැක ගනිමින් තම සැබෑ පක්ෂපාතිත්වය හා අව්‍යාජ කැපවීම ඔප්පු කිරීමේ සැබෑ අභියෝගයක් සජිත් ප්‍රේමදාස මහතාට දැන් ඇති බවයි.
බදාදා මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (11දා) නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ එක්සත් ජතික පක්ෂයවත්, ප්‍රේමදාසලා පිළිබඳවත්, අඩුම තරමේ තමන් පිළිබඳවත් නිවරදි තක්සේරුවක් නොමැති පුද්ගලයෙකු සිදුකළ වෛරී ප්‍රකාශයක් බවයි.
මංගල සමරවීර මහතාගේ නිවේදනය සඳහා