සජිත්ටත් දැන් එපා වෙලා වගේ - ජනපති
"මම දන්නවා සජිත්ටත් දැන් එපා වෙලා වගේ. මේ වේදිකාවට නැග්ගේ නැති වුණත් පිළියන්දල වේදිකාවට නගීද දන්නේ නෑ. එහිදී නැග්ගොත් පුදුම වෙන්නෙත් නෑ මම. හැබැයි මම කියනවා. එතුමන්ට එහෙම ඉන්න. අර එක්සත් ජාතික පක්ෂය වැටෙන්න යන්නේ. නැතිවෙලාම යන්නේ නැතිවෙන්න ඒක පොඩ්ඩක් බලාගන්න. මගේ ගාවට නාවට කමක් නෑ ඡන්දේ දුන්නාම ඇති." යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙබරවැව ජනතා රැලිය අමතමින් හෙතෙම මෙම අදහස් අද (05දා) ප්රකාශ කළේය.
"හකීම් මහත්තයා නැගෙනහිරින් වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලනවා. මුස්ලිම් කලාපයක් එහෙම දෙන්නේ කොහොමද? මේක මහ අසාධාරණ ඉල්ලීමක්. මට ඡන්දෙ මෙච්චර තියෙනවා කියලා කවුවා. මම කිවුවා ඔයා ඡන්දේ තියාගන්න මම රට තියාගන්නම් කියලා. උතුරේ ප්රභාකරන්ගේ මිත්රයෝ ටික, මේ පැත්තෙන් රවුෆ් හකීම්ලා මෙයාලා අරගෙන මහා ලොකුවට කෑගහනවා. " යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

