උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැපයීමට සංහිඳියාව සඳහා වූ විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත.
ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා මේ පිළිබඳවඑම කවුන්සිලයට දන්වා ඇත. ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව මගින් මෙකී නිර්දේශ දැනට ක්‍රියාත්මක කරනු ලබන අතර, එයට පහසුකම් සැපයීම මේ කාර්යාංශය මගින් සිදු කරනු ඇත. එසේම සංහිඳියාව ඇති කිරීම සඳහා මේ දක්වා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔහු සිය ප්‍රකාශය මගින් පසුගියදා සමුළුවට දැන්වීය.