ශ්රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරිම හා සංහිඳියාව තහවුරු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී එම ක්රියාවලිය තවදුරටත් වේගවත් විය යුතු බවත් එහිදී දැනට ශ්රී ලංකාව අත්කරගෙන ඇති ප්රගතිය අගය කරන බවත් එක්සත් ජතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අලු හුසේන් කුමරු සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සැසිවාරයට එක්වීම සඳහා ඇමෙරිකවට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා මහ කොමසාරිස්වරයා ඇතර පැවැති හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති ජනපතිවරයා සඳහන් කර ඇත්තේ මනව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි්රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත් , මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ ඇතුළත් කරුණු සම්පූර්ණ කිරීමට වසර දෙකක කාලයක් තම රටට ලැබී ඇති බවත්ය.
ශී්ර ලංකාව ලබා ඇති ප්රගතිය සියැසින් දැක ගැනීමට ඉදිරි වසරේ දී ශී්ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් මහකොමසාරිස්වරයාට ජනපතිවරයා ආරාධනයක් කළ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඊයේ (22) පස්වරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී මෙම හමුව සිදුවිය.