පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව අදාළ සංශෝධන සිදුකළ පසු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන බවද සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
