සංවර්ධන ක්‍රියාවලියේදී කිසිදු වංචාවක්, දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදුවීමට ඉඩ නොතබන බවජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (27දා) බදුල්ලේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
වැරදි කරන අයට දඬුවම් ලබා නොදෙමින්, එම වැරදි තවදුරටත් සිදුවීමට පසුගිය ආණ්ඩු ඉඩ හැරියද අද කිසිදු දේශපාලන භේදයකින් තොරව වංචාවට, දූෂණයට සහ අක්රමිකතාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට තුළ තහවුරුවී ඇති ප්රජාතන්ත්රවාදය සහ නිදහස අනුව දේශපාලන ප්‍රතිවාදීන් රජයට කුමන අන්දමේ චෝදනා සහ විවේචන එල්ල කළද ලෝකයේ සියලු මිත්‍ර රාජ්‍යවල සහාය ඇතිව රට තුළ ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු අවධාරණය කළේය.