එළඹෙන 02 වැනිදා පැවැත්වෙන පක්ෂයේ සංවත්සරයට නොපැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ඉන්පසුව පැවැත්වෙන කිසිදු උත්සවයකට ආරාධනා නොකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ 66 වැනි සංවත්සරය සඳහා පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට නිල ආරාධනා සිදුකිරීමට සැලසුම් කර ඇත.