ගායකයෙකුට සංගීත සංදර්ශන දෙකක ගීත ගායනා කළහොත් බදු ගෙවීමට සිදුව ඇතැයි ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පැවසීය.
එසේම නළුවෙකු හෝ නිළියක යම් නිර්මාණයකට ගිවිසුම් ගත වුවහොත් ලැබෙන මුදල අනුව බදුගෙවීමට සිදුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් බොහෝ කලාකරුවන් අසරණ වී තිබෙන බව පැවසූ මධුමාධව අරවින්ද මහතා සමහර කලාකරුවන් අයිස්ක්‍රීම්, කීරකොළ ආදිය විකුණා ජීවත්වීමට වෙර දරන බවද කියා සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.