සංක්‍රමණික මෝරුන් සංරක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.
මෙම මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට නියමිත සංක්‍රමණික සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සමුළුවේදී මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් අත්සන් කරනු ලැබේ.
මෙමගින් සංක්‍රමණික මෝරු විශේෂ සංරක්ෂණය සඳහා මූල්‍යමය හා තාක්ෂණික ආධාර සලසා ගැනීමටද අපේක්ෂිතය.
තිරසාර සංවර්ධන හා වනජීවී සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඊයේ (17දා) දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කළ අතර, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.