සංක්‍රමණික ජාවාරම මැඬලීමට විශේෂ යාන්ත්‍රණයක්
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සංක්‍රමණික ජාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදුකරන අතරම විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී අද (14දා) පැවැති සංක්‍රමණික ජාවාරම මැඬලීම පිළිබඳ වැඩමුළුව අමතමිනි.
“ශක්තිමත් නීති නොවන්නේ නම්, සංක්‍රමණික ජාවාරම මැඬලීමටද අපහසු වනවා. ඒ නිසා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් ආදී වැටලීම් දිගටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. එහිදී දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය තැන්වලදී නව නීති හඳුන්වාදීමටත් අප රජය කටයුතු කරනවා.
බටහිර සහ වයඹ වෙරළ තීරයේත්, දකුණු වෙරළ තීරයේත් මෙම ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. ඒ අනුව එම ජාවාරම්කරුවන් සහ ඔවුන් වටා ක්‍රියාත්මක වන තවත් දූෂිත ක්‍රියා රැසක්ද අනාවරණය වී තිබෙනවා.
මෙම සංක්‍රමණික ජාවාරම තනි තනිව සිදුවන අපරාධයකට වඩා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අන්තර්ජාතික පොලීසිය වැනි ආයතනවල මනා සම්බන්ධතාව අපට වඩාත් වැදගත්” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


