පහවසර ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පරිදි සිදු වූ බවත්, එහි ප්‍රතිඵල ඔක්තෝබර් 15 වන දිනට පෙර ලබාදීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මධ්‍යස්ථාන 2959කදී සිසුන් 350,701 ක් ඊයේ (21දා) පැවති විභාගයට පෙනී සිටි බවත්, එම පිරිසෙන් 421 ක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බවත් හෙතෙම පවසා සිටියේය.උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 29 වන දින සිට සැප්තැම්බර් 03 දක්වා කාලය තුළදී සිදුකරන බවත්, එම කටයුතු මධ්‍යස්ථාන 39කදී සිදුවන බවත් සඳහන් කළේය.
ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 7000කට අධික පිරිසක් යොදාගන්නා බවත්, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පාසල් 35ක් මේ මස 29 වන දින සිට සැප්තැම්බර් 03 වන දින දක්වා වසා තැබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මෙවර විභාගයේ උත්තර පත්‍ර ප්‍රමාණය ලක්ෂ 7කට අධික බවත්, ඊයේ (21දා) පැවති විභාගයේදී ඇති වූ ගැටලු පිළිබඳව ඊයේ සවස් වනතුරු පැමිණිලි ලැබී නොමැති බවත් පුෂ්පකුමාර මහතා පවසා සිටියේය.