කලා විෂයයන් යටතේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය මේ වසරේදී දහසකට අධික ප්‍රමාණයකින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
රුහුණු, ජයවර්ධනපුර, කැලණිය, සබරගමුව, රජරට විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවලට බඳවාගැනීමේදී මෙම කප්පාදුව සිදුකර තිබෙන බවද එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.