පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක කර තිබේ. එය පසුගිය වසරේ අගෝස්තු මස 25දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වෙයි.
අපරාධ නිවාරණය පිළිබඳව ශානි අබේසේකර මහතාට ඉහළ පිළිගැනිමක් තිබේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවැති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන පරික්ෂණය ඇතුළුව ශ්‍රි ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් අපරාධ කිහිපයක්ම විසඳීමට ශානි අබේසේකර මහතා කටයුතු කර තිබේ.