රාජ්‍ය මාධ්‍ය ආයතන තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් මාධ්‍යවේදීන් අප්‍රමාණ වදහිංසාවලට ලක්වන බව පොදුජන මාධ්‍ය පෙරමුණේ සභාපති ගාමිණී ජයලත් මහතා පැවසීය.
රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ කරදරවලට මුහුණපා ඇත්තේ ජනාධිපතිවරයා නියෝජනය කරන මාධ්‍යවේදීන් බව පැවසූ ඒ මහතා, වැඩ තහනම් කිරීම, සේවයෙන් පහ කිරීම, අනිසි ස්ථාන මාරු කිරීම යනාදී කටයුතු නිරන්තරයෙන් සිදුවන බවද කියා සිටියේය.
2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ දක්වා රාජ්‍ය මාධ්‍ය ආයතන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනී සේවය, ලේක්හවුස් ආයතනය වැනි ස්ථානවල මෙම තත්ත්වය නිරතුරුව සිදුවන බවද සභාපතිවරයා කීය.
සමහර රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා ජනාධිපතිවරයා නියෝජනය වන පරිදි යම් යම් පුද්ගලයන් පත්කර තිබුණද එම ආයතන හසුරුවන්නේ වෙනත් පුද්ගලයන් පිරිසක් බවත්, මෙවන් අසාධාරණ කටයුතු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත්ව සිටින්නේදැයි සැකයක් ඇතිවන බවත් ජයලත් මහතා සඳහන් කළේය.
“ගරු ජනාධිපතිතුමා කිව් පරිදි අපි එතුමාගේ රැහේ එවුන්. අපේ රැහේ කෙනෙක් තමයි රටේ ජනාධිපති වී සිටින්නේ. ඒ ගැන අපට ඉතාම සතුටුයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත්ව කටයුතු කරන, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන්නු, එම පක්ෂය සමග සමීපව කටයුතු කරන මාධ්‍යවේදීන්. ඒක රටම දන්න කරුණක්.
ඒ අයගෙන් තමයි මේ පළිගැනීම් සිදුවෙන්නේ. සේවයෙන් පහ කිරීම්, වැඩ තහනම් කිරීම්, සිත්තැවුල් සිදුවෙන බව සම්බන්ධයෙන් සැබෑ ලෙසම ජනාධිපතිවරයා දැනුවත්දැයි අපි විමසනවා. රාජ්‍ය මාධ්‍ය තුළ අපට සිදුව ඇති අසාධාරණය අඩු තරමින් ජනාධිපතිවරයා දන්නෙ නැත්නම්, වගකිවයුත්තෙක් ඒ ගැන කියන්නැත්නම්, මෙම කරුණ පළවීමෙන් පසු දැකලා සාධාරණයක් කරන්නැයි එතුමාගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.