එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේ සේවය කරන ද්‍රවිඩ සේවිකාවන් එල්.ටී.ටි.ඊ හිතවාදී අයුරින් කටයුතු කර තිබෙන බැවින් ඔවුන් වහාම ඉවත් කර රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
එළිය සංවිධානය විසින් අද (19දා) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පිරිසක් හමුවීමට නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.ඩී.දසනායක මහතාගේ දියණිය පැමිණි අවස්ථාවේදී ඔවුන් විසින් ඇය ආපසු හරවා යැවීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.
එල්.ටී.ටී.ඊ ය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පැමිණියේ දැයි කොමදෝරු දසනායක මහතාගේ දියණියගෙන් එම සේවිකාවන් විමසා ඇති අතර, සිංහලයන්ට සිදුවන අසාධාරණයන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය අවධානය යොමු නොකරන බව එමගින් පැහැදිලි වනවා.” යැයි ද පවසා සිටියේය.