ශ්‍රී ලංකාවේ දියර කිරි පරිභෝජනය 46% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරක සභා විවාදයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (29දා) මේ බව සඳහන් කළේය.
පිටිකිරි පරිභෝජනයට වඩා දියර කිරි පරිභෝජනය රට තුළ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ආරම්භකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
පාසල් ළමුන් ලක්ෂ 04 ක් සඳහා සහන මිලට දියර කිරි ලබාදීම සිදුකර ඇති අතර එය තවදුරටත් ප්‍රචලිත කරන බවද හැරිසන් මහතා සඳහන් කළේය.