ශ්‍රී ලාංකිකයන්ගෙන් 25% ක් නියමිත බරට වඩා වැඩි වන බවත් 7% ක් ස්ථූලභාවයෙන් පෙළෙන බවත් මේ තත්ත්වය බෝනොවන රෝග ඇතිවීමට මූලික හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
එසේම දියවැඩියා රෝගය අන් කවර කලකටත් වඩා වේගයෙන් රට ආක්‍රමණය කරමින් ඇති බවත් වාර්ෂිකව දියවැඩියාව හා ඒ ආශ්රිත සංකූලතා නිසා ශ්‍රී ලාංකිකයන් දසදහසක් මිය යන බවත් හෙතෙම සඳහන් කරයි. තවද දියවැඩියා රෝගයේ විවිධ අදියරයන් යටතේ මුළු ජනගහනයෙන් 8% ක් ප්‍රතිකාර ලබනා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.