විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් “වඩා හොඳින් ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරමු“ යන තේමාව යටතේ මුල් වරට සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව අද (08දා) කොළඹදී පැවැත්විණි.
මෙම සමුළුවේදී බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්රයට අදාල කරුණු පිළිබඳව සංවාදයට ලක් කෙරෙනු අතර මේ සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති තීරකයින්, දේශිය මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම්කරුවන් සහ ක්ෂේත්රයේ කොටස්කරුවන් එක්වූහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය ගොඩනැංවීටමට අදාල කරුණු පිලිබඳව සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම සමුළුව සඳහා සම සංවිධායකත්වය Huawei විසින් දරනු ලැබූ අතර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශ නිලධාරීන්, විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්, Huawei ප්‍රධානීන්, ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නන්, සහ Ovum, iFlix ආදී ආයතනවල නියෝජිතයන් මෙන්ම දේශීය ප්රමුඛ පෙළේ විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් රැසක් මීට එක්ව සිටියහ.