ශ්රීලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහභාගී වන්නේදැයි යන්න අද (22දා) දිනයේ දී තීන්දු කිරීමට නියමිත බව 'අද'ට වාර්තාවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එම සාකච්ඡාවේදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව ද 'අද'ට වාර්තාවේ.
ශ්රීලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගී වීම පිළිබඳව බහුතරයක් මන්ත්රීවරුන් එම සමුළුව වර්ජනය කරන ස්ථාවරයේ සිටින බවත් අද දිනයේ දී පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව සථීරවම කුමක් කරන්නේදැයි පැවසිය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා 'අද' කළ විමසීමක දී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම, නුසුදුසු අලුත් ආසන සංවිධායකවරුන් පත්කිරීම, දිගින් දිගටම දේශපාලනික වශයෙන් පළිගනිමින් කටයුතු කිරීම ආදී කරුණු පිළිබඳව සැලකීමේදී වත්මන් නායකයන් සමග එක වේදිකාවක සිටගත නොහැකි බවද රණතුංග මහතා ප්රකාශ කළේය. තමා පෞද්ගලිකව එම සමුළුවට සහභාගී නොවන ස්ථාවරයේ සිටින බවද ඔහු කීය.