ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්රතිසංවිධාන කටයුතු මැයි 08 වැනිදා සිට 15 වැනිදා දක්වා දින 07 තුළ සිදුකිරීමට තීරණය කර තිබේ.
අදාළ ප්රතිසංවිධාන කටයුතු පක්ෂයේ මධ්‍යම කාරක සභාව, පාර්ලිමේන්තු කණ්ඩායම සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත්‍රී කණ්ඩායම්වල අදහසට අමතරව පක්ෂයේ ශාඛා සමිතිවල අදහස් මතද සිදු කිරීමට නියමිතය.
08 වැනිදා සවස 2.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකිරීමට සමගාමීව එම වැඩපිළිවෙළගම් මට්ටමට රැගෙන ගොස් ප්රතිසංවිධාන කටයුතු කිරීමටද පක්ෂය තීරණය කර තිබේ.
මෙම ප්රතිසංවිධාන කටයුතුවලදී පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් කිරීමට නියමිත අතර, මීට අමතරව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ වෙනස්කම්ද සිදු කිරීමට තීරණය කර ඇත.
ප්රතිසංවිධාන කටයුතු අවසන් වූ පසු පක්ෂයට නව සාමාජිකයන් බඳවාගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.