ශ්‍රීපාද වන්දනාවට සංගීත භාණ්ඩ ගෙනඒමෙන් වළකින්න
ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමේදී කිසිදු ආකාරයක සංගීත භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසත්, සංගීත භාණ්ඩ රැගෙන ආවද එම සියලුම භාණ්ඩ පොලිස් මුරපොළක් තුළ රඳවාගෙන ශ්‍රී පාදය වැඳුම් පිදුම් කර නැවත පැමිණීමේදී ලබාදීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව පොලිතීන් රැගෙන ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට නොපැමිණෙන ලෙසත්, යම් ලෙසකින් පොලිතීන් රැගෙන ගියහොත් එය බැහැර කිරීමේදී කසළ බඳුන් භාවිත කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සංගීත භාණ්ඩ වාදනය කරමින් ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට යාම නිසා අනෙකුත් බැතිමතුන්ට හිරිහැර බාධා සිදුවන බවට වාර්තා වී ඇති බැවින්, මත්පැනින් වැළකී සංගීත භාණ්ඩවලින් තොරව ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියේය.
පොලිතීන් බැහැර කිරීමේදී නිවැරදි ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොකරන සියලු දෙනාට එරෙහිව පොලිස් පරිසර ඒකකය විසින් ක්‍රියාමාර්ග ගන්නා බවත්, ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට යාමේදී යම් අනතුරක්, කරදරයක් බාධාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව 119 දුරකතන අංකයට දැනුම්දෙන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව හැටන් මෙහෙයුම් මධ්‍යස්ථානයේ 0512 223 882 හෝ 0512 225 063 දුරකතන අංක හෝ නල්ලතන්නි පොලිස් ස්ථානයේ 0522 055 500 දුරකතන අංකයට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය බැතුමතුන්ගෙන් ඉල්ලා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

