ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඊයේ (02දා) පත්කර තිබේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිලකාලය අවසන් වීමෙන් පසු මාස දෙකකට අධික කාලයක් සභාපති තනතුර පුරප්පාඩුවී තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ.
ඊයේ (02දා) දිනයේදීම මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සභාපති තනතුරේ වැඩ ආරම්භ කර ඇත.
මහාචාර්ය කොල්වින් සිල්වා මහතා සභාපති තනතුරට පත් කිරීමේ යෝජනාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් මීට පෙර විරෝධය දක්වනු ලැබිණි.
අදාළ පත් කිරීමට එරෙහිව අද දිනයේ රැස්වන විධායක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.