වෛද්‍ය වර්ජනය හෙට උදේ 8.00 සිට
සයිටම් අහෝසි කිරීම ඇතුළු සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු 10ක් විසඳීමට ලබාදුන් කාලය තුළ ඒ සඳහා විසඳුම් නොලැබූ නිසා හෙට (30දා) උදේ 8.0 සිට පැය 24 සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මේ අනුව හෙට උදේ 8.00 ආරම්භ වන වැඩ වර්ජනය (31දා) උදෑසන 8.00 අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මානු‘ෂීය හේතුන් මත හෝ ළමා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල හා මහරගම පිළිකායතනය තුළ වැඩ වර්ජනය සිදු නොකරන බවද හෙතෙම පවසා සිටියේය.
ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිර්ණය කිරීම සඳහා එළඹෙන 05දා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවූ බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

