වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම සඳහා අද (12දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් සී දෙකයි එස් එකක ප්‍රතිඵලයක් ලබා ගන්නා පිරිස් හට වෛද්‍ය පීඨයකට ඇතුළුවීමේ සුදුසුකම හිමිවනු ඇත.
මෙම අධ්‍යාපන සුදුසුකම්වලට අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය විද්‍යාලයකට හෝ රජය මැදිහත්වී ඇති කරන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමටත් රජය සැලසුම් කර තිබේ.