වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය දෙසතියකින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවට එක්වෙමින් ඔහු මේ බව අද (31දා) සඳහන් කළේය.
"ලෝකය පිළිගන්නේ හෙද උපාධියයි. හෙද හෙදියන්ට උපාධිය ලබාදීමට සූදානම් වනවිට ඇතැම් වෛද්‍ය සංගම් ඊට විරුද්ධත්වය පළකළා. ඇතැම් වෛද්‍ය සංගම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරෝධය පළකරනවා. නමුත් විදේශීය රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඉතා පුළුල්ව සිදුවෙනවා. අපේ ඇතැම් වෛද්‍යවරුන්ද විදේශීය අධ්‍යාපනය ලැබූ අයයි.
රජය තීරණයක් ගෙන තිබෙනවා සබරගමුව, වයඹ සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලත් වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට.වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව නෙවිල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විමසා තිබෙනවා. නමුත් වෛද්‍ය සභාවේ සිටි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි අවම ප්‍රමිතියක් නොමැති බවයි. එවිට වරදකරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි.
නමුත් දැන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සාකච්ඡා කරනවා. සමහරු කෑගහනවා. 2006 වසරේදී වෛද්‍ය සභාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ කතා කරන විට ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සකස් කර තිබුණා. නමුත් ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනසිටියේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කළේ මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුවයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉදිරි සති 02 තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා” යැයි පවසා සිටියේය.