මහියංගනය පදියතලාව මාර්ගයේ 49 කණුව ආසන්නයේදී කොලේයාය සිට මහියංගනය දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මාර්ගයෙන් ඉවතට ගිය බස්රිය අසළ තිබූ වෙළඳසැල් කඩාගෙන ගොස් ඇති අතර එහිදී කඩයක් අසළ සිටි පිරිමි පුද්ගලයෙකු හා එක් කඩයක හිමිකාරියක් තුවාල ලබා මහියංගනය රෝහලයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.