වෘත්තීය සමිති කිහිපයක් මෛත්‍රීට එක්වෙයි
සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද වෘත්තීය සමිති මහා සමුළුව අද පෙරවරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ආරම්භ විය. සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, දුම්රිය, මුද්‍රණාල විශ්වවිද්‍යාල, ධීවර, වෙළෙඳ කලාප, පෞද්ගලික බස් සේවා යනාදිය නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙයි.
'දූෂණයෙන් මර්දනයෙන් තොර රටක් - අයිතීන් සුරැකෙන හෙටක් නමින් සංවිධානය වී තිබූ මෙම මහා සමුළුව ජනාධිපතිවරණ පොදු අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වමින් පැවැත්වෙන බව එහි සංවිධායකයෝ සඳහන් කර සිටිති.
වත්මන් රජයේ සංවර්ධනය නමින් සිදු කෙරෙන කොමිස් ව්‍යාපාර සහ වර්තමාන වැටුප් ක්රමයේ වර්ධනයන් සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී සිය චෝදනා සහ යෝජනා මෙම මහ සමුළුවේදී ඉදිරිපත් කළ බවත් ඔවුන් පවසා සිටියි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ මහා සමුළුවේදී අදහස් දක්වා සිටියේය.
භානුක අමරසිංහ / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

