පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීම වෙනුවෙන් වෘත්තීය සමිති 50කින් යුතු සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති එකමුතුව ප්රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
ඒ වෙනුවෙන් දැනුම්වත් කිරීමේ පත්‍රිකා ලක්ෂ 03 ක් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරගෙන යන බවත්, සෑම ප්‍රධාන මහජන රැලියකදීම මහජනතාව අමතන බවත්, එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
කිසි දිනක නොවූ අයුරින් මෙවර වෘත්තීය සමිති බහුතරයක සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබෙන බවද ඔහු කීය.
අද (18දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළවිය.
ඡායාරූප - ඉසුරු පෙරේරා