වෘත්තීය සමිති ලෙස මැතිවරණ කටයුතුවල නිරතවන රජයේ නිලධාරීන්ට රජයේ මුදල් භාවිතා කරමින් දීමනා ලබාදීම, නිවාඩු අනුමත කරදීම හෝ රජයේ දේපළ භාවිත කිරීමට අවස්ථාව ලබාදීම සිදුකළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පවසයි.
යම් වෘත්තීය සමිතියක හෝ ආණ්ඩුවේ බලපෑම මත රාජ්ය නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගැනීමේදී රාජ්ය නිලධාරියෙකු ඒ සඳහා සහභාගි නොවේනම් ඔහුට එරෙහිව පියවර ගැනීමටද අදාළ පාර්ශවයන්ට අයිතියක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.