ADA
www.ada.lk
2025 ජුනි මස 06 වන සිකුරාදා
වීදි කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ පළමු පියවර තැබූ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ නිර්මාණකරණයේ යෙදෙන වීදි කලාකරුවන් 58 දෙනෙකුට අද (08දා) පෙරවරුවේ කොළඹ මහ නගර සභාව විසින් හැඳුනුම්පත් නිකුත් කරන ලද අතර, ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ රටේ වීදි කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාම තමයි මගේ උත්සාහය. එහි පළමු පියවර විදියට තමයි වසර 16 ක ඉඳලා මේ ස්ථානයේ ඉන්න කලාකරුවන්ට පළමුවරට අද මේ හැඳුනුම්පත් ලැබෙන්නේ.
ඊට අමතරව සෑම මාසයකම අවසන් සති අන්තයේ ප්‍රදර්ශනාත්මක වැඩසටහනක් පවත්වන්න, කොළඹ නගරයේ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්රචාරක පුවරු ඉදිකරන්න, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි අංග රාශියක් සැලසුම් කර තිබෙනවා” යනුවෙන් කියා සිටියේය.
popular news
රු. ලක්ෂ 40ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ජනපති සමාවෙන් නිදහස්
නව ගුවන් යානය සේවයේ යොදවන ගමනාන්ත
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්දට මීලගට ලැබෙන තනතුර ගැන ජනපතිගෙන් අනාවරණයක්
ගයන්ත අතේ පතේ ගා ගත්තේ නෑ, හඳුන්ගෙන් සහතිකයක්
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd