විශාමික ගැටලු ගැන කියන්න සති 3ක් ඇතුළත අවස්ථාවක්
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමය මුහුණපා ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා සති තුනක් ඇතුළත අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය උපදේශක ජිනසිරි දඩල්ලගේ මහතා අද (16දා) පොරොන්දු විය.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමයේ සභාපති එච්.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අරලියගහ මන්දිරය දක්වා අද පැවැත්වූ පාගමන අවසානයේදී මෙම පොරොන්දුව ලබාදුන් බවයි.
1956 සිට 1984 දක්වා පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය ආයතන සංග්‍රහයට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් 1980/1980 වසරවල සේවය කළ සේවකයන්ට අසාධාරණයක් වී ඇති බවත්, දැනටමත් මෙම පිරිසෙන් සියයට 80ක් පමණ මියගොස් ඇති බවත් තිලරත්න මහතා පැවසීය.
බලධාරීන්ගේ නොසැලකිල්ල මේ සඳහා බලපා තිබෙන අතර, වසර දෙකක් තිස්සේ ලිපි මගින් දැනුම්වත් කළද මෙයට විසඳුමක් නොලැබුණු බැවින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අසල සිට අරලියගහ මන්දිරය දක්වා අද දින පාගමනක් පැවැත්වූ බව හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

