විශ්රාම ගිය දුම්රිය සේවකයන් හා කොන්ත්රාත් පදනමින් සේවය කරන පිරිස් හට සේවයට වාර්තා කරන ලෙස ආරාධනා කළද, මෙතෙක් ඒ සඳහා යහපත් ප්රතිචාර ලැබී නොමැති බව දුම්රිය දෙපාර්තමේමන්තුව සඳහන් කරයි.
පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද (12දා) උදෑසන ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා කටයුතු කර තිබේ.
මගී ජනතාවට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා වාණිජ අධිකාරීවරයා දුම්රිය ධාවනය කර ඇතැයි වාර්තා වේ.