ලංකා විදුල බල මණ්ඩලයේ සේවයකයන් ආරම්භ කර ඇති වර්ජනයට පිළියමක් ලෙස විදුලිය අඛණ්ඩව ලබාදීම සඳහා ලංකා විදුලි බල මණ්ඩයේ සෙවය කර විශ්‍රාම ගිය සේවකයන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාල සේවකයින් හා රියදුරන්ට මෙසේ නැවත සේවය සඳහා එකවෙන ලෙස අමාත්‍යාංශය නිවේදනයක් මගින් දැනුම් දෙයි.
තම සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදිමට කැමතිනම් තමන් අවසන් වරට සේවය කළ රාජකාරි ස්ථානයටම සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යාංශය දන්වයි.